පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු මුදල් අමාත්‍ය ජේම්ස් මරාපේ පත්ව තිබේ.
සති කිහිපයක් එරට පැවති දේශපාලන අස්ථාවරත්වයෙන් පසුව හිටපු අගමැති පීටර් ඔ'නෙයිල් ධුරයෙන් ඉවත්වීමත් සමග මෙම පත්වීම සිදුව ඇත.
ගෑස් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පැන නැගුණු චෝදනා පදනම්ව ඇතිවූ බලපෑම හමුවේ අගමැතිවරයා ඉල්ලා අස්විය.
ඒ අනුව, පසුගිය බදාදා හිටපු අගමැති ඉල්ලා අස්වීමත් සමග මෙම නව පත්වීම සිදුව ඇති අතර, වත්මන් අගමැතිවරයා එරට ජනප්‍රිය දේශපාලඥයෙකු ලෙස හැඳින ගැනෙයි.