පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කඳුකර ප්‍රදේශවල ගෝත්‍රික කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
මියගිය අය අතර කුඩා දරුවන් මෙන්ම, ගැබිණි කාන්තාවන්ද සිටින බවත්, මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවත් සඳහන් වෙයි.
මේ පිළිබඳ නිවේදනය කරමින් ජගමැති ජේම්ස් මරාපේ කියා සිටියේ මෙය තම දිවියේ වඩාත් ශෝචනීයම දිනයක් බවයි.
එමෙන්ම, මැත ඉතිහාසයේදී පැපුවා නිව්ගිනි රාජ්‍යයෙන් වර්තා වූ අතිශය දරුණු ප්‍රචණ්ඩක්‍රියාව ලෙසද මෙය සැලකෙයි.
කෙසේ වෙතත්, මෙම ගැටුම් උත්සන්න වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, මෙම ගෝත්‍ර අතර ගැටුම්වල ආරම්භය වසර 20කට අධික බව සඳහන් වෙයි.