මධ්‍යම ඇමෙරිකානු පැනමා රාජ්‍යයේ සංක්‍රමණිකයන් 60දෙනෙකු ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 39දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බදාදා සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත. කෙසේ වෙතත් අනතුරට ලක්වූවන්ගේ ජාතිකත්වයන් මෙතෙක් අනාවරණය කෙරී නොමැත.
කොලොම්බියාව සහ පැනමාව අතර අතිශය දුෂ්කර ඩේරියන් දුර්ගය තරණය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව කියයි.