පාසල් වෙඩි තැබීම් සිදුකළ ඝාතකයා හඳුනා ගැනෙයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙන්නසී ප්‍රාන්තයේ, නෑෂ්විලේ හිදී පාසලක සිදුවූ විවෘත වෙඩි තැබීමේ සිද්ධියෙන් සිසුන් තිදෙනෙකු හා ගුරුවරු තිදෙනෙකු මරා දැමූ ඝාතකයා හඳුනාගෙන තිබේ.

ක්‍රිස්තියානි මූලික පාසලේ මෙම වැඩි තැබීම සිදුකර තිබූ අතර, මෙම සිසුවාද එම පාසලේම ආදි සිසුවෙකු මෙන්ම, සංක්‍රාන්ති ලිංගිකයෙකු බවට හඳුනාගෙන ඇත.

මේ නිසා මුලින්ම වාර්තා වූයේ නව යොවුන් වියේ තරුණියක විසින් වෙඩි තැබීම සිදුකර තිබූ බවය. කෙසේ වෙතත් ඔහු දැන් පුරුෂයෙකු බව තහවුරු කරගෙන ඇත.

ඇමෙරිකාව යනු විවෘත වෙඩි තැබීම් බහුල රටක් ලෙස සැලකෙන අතර, විශේෂයෙන්ම පාසල් ආශ්‍රිතව වරින් වර සිදුවන වෙඩි තැබීම් නිසා එරට ගිනිඅවි නීති ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වෙයි.



Recommended Articles