ඉරාකයේ බස්රා නගරයේ පාපන්දු තරගයක් පැවැත්වීමට පෙර ඇති වූ තෙරපීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 60දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අරාබි ගල්ෆ් කුසලාන අවසන් මහා තරගයට ඉරාකය සහ ඕමානය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ජසා අල් නක්ලා ක්‍රීඩාංගණය අසල මෙම තෙරපීම සිදුව තිබේ.
1979 වසරේ බැග්ඩෑඩ් අගනුවර පැවති ගල්ෆ් කුසලාන තරගාවලියෙන් පසුව ඉරාකය සත්කාරකත්වය දැක්වූ පළමු වැනි අවස්ථාව මෙයයි.
මෙවර තරගාවලිය දකුණු වරාය නගරය වන බස්රා හි පැවැත්වෙන අතර සෞදි අරාබිය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කටාර්, බහරේන් සහ යේමනය යන රටවල කණ්ඩායම්ද තරග වදියි.