වයඹදිග පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්රික්කයේ ආරක්ෂක හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජීවිත හානි සිදු නොවුණත්, අවම වශයෙන් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලබා ඇත.
එමෙන්ම, රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.