බෝම්බ පිපිරීමක් සමග ජීවිත 31ක් අහිමි කරමින් පාකිස්තාන මහ මැතිවරණය ප්‍රචණ්ඩක්‍රියා මැද පැවැත්වෙමින් තිබේ.
ක්වෙට්ටා නගරයේ සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයට අමතරව, තවත් ප්‍රදේශ රැසක කුඩා පිපිරීම්, පුද්ගල පහරදීම් වාර්තා වී ඇති අතර, එම ප්‍රහාරවලින්ද දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ බලයෙන් පහ කෙරුනු හිටපු අගමැති නවාස් ෂරීෆ් අතර මැතිවරණය සඳහා තරගයක් පවතින බව කියයි.
කෙසේ වෙතත්, මැතිවරණ දිනය පුරා සිදුවන ප්‍රචණ්ඩක්‍රියා සමග මැතිවරණ දූෂණ සිද්ධීන්ද වාර්තා වන බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මේ වනවිට පවතින තත්ත්වය අනුව ඉම්රාන් ඛාන්ට වැඩි අවස්ථාවක් ඇති බව කියැවෙන අතර, කාලයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ හමුදා පාලනයන් යටතේ පැවති පාකිස්තානය නව මාවතකට ගැනීමට ඔහු ප්‍රතිඥා දී ඇති බව කියැවෙයි.
මේ අතර, හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය පසුගියදා එංගලන්තයේ සිට සිය රට පැමිණි පසු අත්අඩංගුවට පත්වූයේ රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේය.
එමෙන්ම, හිටපු පාකිස්තාන අගමැතිනී බෙනාසීර් භූතෝගේ පුත් බිලාවල් භූතෝද තරග මැතිවරණයට තරග කෙරුවත් ඔහුට පැහැදිලි ජයග්‍රහණයක් ලබාගැනීමේ හැකියාවක් නොමැති බව කියැවෙයි.
ක්වෙට්ටා නගරයේ සිදුවූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් භාරගෙන ඇත.