පාකිස්තානයේ උද්‍යානයකදී සිදුවූ ම්ලේච්ඡ සමූහ දූෂණයකට එරෙහිව එරට තුළ කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාධරයන් උද්ඝෝෂණ අරඹා තිබේ.
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ෆාතිමා ජින්නා උද්‍යානයේදී 24 හැවිරිදි තරුණියක මෙසේ සමූහ දූෂණයකට ලක්ව ඇත්තේ ඇය සිය මිතුරෙකු සමග එම උද්‍යානයේ සිටියදීය.
එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇයගේ මිතුරාට පහරදී මෙම තරුණිය උද්‍යානයේ කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයගේ ඇඳුම් ඉරා දමමින් ඇය දූෂණයට ලක්කර ඇත.
අඳුර වැටීගෙන එන අවස්ථාවේදී පිරිමි පුද්ගලයෙකු සමග උද්‍යානයේ සිටියේ මන්දැයි අසමින්, ඔහු තමාගේ කවුරුන්ද යන්න අසමින් මෙම පුද්ගලයන් තමා දූෂණය කළ බවත්, ඔහු ගැන පැහැදිලි කිරීමටවත් ඔවුන් දෙදෙනා අවස්ථාව ලබා නොදුන් බවත් ඇය පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම පාකිස්තානය තුළ ලැව්ගින්නක් සේ පැතිරගිය අතර, "තවත් සහෝදරියකට මේ අපරාධය නොකරමු" යනුවෙන් එරට නගර රැසක උද්ඝෝෂණ පැවැත් වී තිබේ.