පාකිස්තානයේ හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ් ඔහු පීඩා විඳි දීර්ඝ කාලීන රෝගාභාදයන් හේතුවෙන් 79 වැනි වියෙහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩුබායිහි ඇමෙරිකානු රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මුෂාරෆ් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මරණයත් සමග පකිස්තාන දේශපාලකයන්ගෙන් උපහාර සහ ශෝක පණිවිඩ ගලා එන්නට විය.
පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්රකාශයක් නිකුත් කරමින් හිටපු නායකයාගේ පවුලට සිය ශෝකය ප්රකාශ කරන බවය.
හිටපු ජනාධිපතිවරයා පාකිස්තාන අධිකරණය මගින් මරණ දඬුවමටද නියම වී සිටි අතර, ඔහුගේ අසනීප තත්ත්වය මත ඔහුට විදෙස්ගත වී ප්රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.