පාකිස්තානයේ හිටපු අගමැති ෂරීෆ්ට හත් වසක සිරදඬුවමක්


පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් වෙත වසර 07ක සිරදඩුවමක් පැනවීමට එරට දූෂණ විරෝධී අධිකරණය ඊයේ (24දා) නියෝග කර තිබේ.

සෞදි අරාබියාවේ පිහිටි ලෝහ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් ඔප්පු කිරීමට ඔහුට නොහැකි වීම තුළ ඔහුට මෙම දඬුවම පැනවීමට අධිකරණය කටයුතු කර තිබේ.

මේ අතර, පසුගිය ජූලි මාසයේදී මෙම අධිකරණය විසින්ම හිටපු අගමැති ෂරීෆ්ට වසර 10ක සිරදඬුවමකට පණවනු ලැබුවේ ලන්ඩන් නුවර මහල් නිවාසයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ චෝදනා යටතේය.

ඔහු සිරභාරයේ සිටියදී ඔහුගේ පක්ෂයද පසුගිය ජූලි මාසයේදී පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.



Recommended Articles