පාකිස්තානයේ රැලියකට එල්ල වූ IS ප්‍රහාරයෙන් 128ක් ජීවිතක්ෂයට


නිරිතදිග පාකිස්තානයේ දේශපාලන රැලියක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙය 2014 න් පසුව පාකිස්තානය තුළ සිදුවූ දරුණුතම ප්‍රහාරය ලෙස එරට බලධාරීහු පවසති.

මස්ටන්ග් නගරයේදී සිදුවූ මෙම ප්‍රහාරයේදී ප්‍රාදේශීය දේශපාලන අපේක්ෂකයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් භාරගෙන තිබේ.

ජූලි 25 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණය ඉලක්ක කරමින් පැවැත්වෙන දේශපාලන රැලි වෙත මෙවැනි ප්‍රහාර එල්ල වූ ප්‍රථම අස්ථාව මෙය නොවන අතර, මීට පෙර බන්නූ නගරයේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.



Recommended Articles