නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම අවාසනාවන්ත අනතුරින් තවත් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද එරට මාධ්‍ය උපුටා දක්වමින් පෙන්වා දෙයි.
පාකිස්තානය තුළ පොදු මගී ප්‍රවාහනයේ අනතුරු සුලභ වන අතර, විශේෂයෙන්ම ගිරිදුර්ග සහිත මාර්ගවල ගමන් කිරීමේදී සිදුවන අනතුරු වරින් වර වාර්තා වෙයි.
එමෙන්ම, එරට මාර්ග මෙන්ම පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ නිසි ප්‍රමිතියෙන් නොතිබීමද අනතුරුවලට හේතු බව කියයි.