පාකිස්තානයේ නව අගමැති ලෙස පත්වූ ෂෙබාස් ෂරීෆ්


ආසන 342කින් යුත් සභාවෙන් ඡන්ද 174ක් ලබාගනිමින් ෂරීෆ් 23 වැනි පකිස්තාන අගමැති බවට පත් වූ අතර, සතියක් පුරා පැවති ව්‍යවස්ථාමය ගැටුමක් අවසන් වූයේ, ඉරිදා හිටපු අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමත් සමගිනි.

ඡන්දයෙන් පසුව ශරීෆ් විසින් දශක ගණනාවක් තුළ පාකිස්තාන රුපියල පත්ව ඇති සර්වකාලීන කඩා වැටීමට සහ මහ බැංකුවට විශාල ප්‍රතිශතයකින් එහි පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවූ ආර්ථික ව්‍යාකූලත්වය විසඳීමට කටයුතු කරන බව පැවසීය.

"ගිලෙන බෝට්ටුව බේරා ගැනීමට නම්, අප සැමට අවශ්‍ය වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මෙන්ම, සමගිය සහ එකමුතුකමයි." ඔහු පාර්ලිමේන්තුව අමතමින් සිය මංගල කතාවේදී පැවසීය.

චීනයේ එක් තීරයක් සහ මාවතක් මුලපිරීමේ (BRI) කොටසක් වන චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවේ ඉදිකිරීම් සිය රජය වේගවත් කරන බවද ෂරීෆ් පැවසීය.

එක්සත් ජනපදය සහ ඉන්දියාව සමග වඩා හොඳ සබඳතාවල අවශ්‍යතාවද අගමැති ලෙස තේරී පත් වූ ෂරීෆ් අවධාරණය කළේය.

"අපි අද සංවර්ධනයේ නව යුගයක් ආරම්භ කරනවා" ෂරීෆ් පැවසීය.

ෂරීෆ් යනු තුන් වතාවක් පාකිස්තාන අගමැති ධුරය දැරූ නවාස් ෂරීෆ්ගේ බාල සහෝදරයාය. 70 හැවිරිදි ඔහු රටේ මිලියන 220ක ජනතාවගෙන් 60%ක් ජීවත් වන පකිස්ථානයේ විශාලතම සහ වඩාත්ම බලගතු පළාත වන පන්ජාබ්හි මහ ඇමති ලෙස තුන් වතාවක් සේවය කර ඇත. ඔහුගේ පුත් හම්සා පසුගිය සතියේ පන්ජාබ් පළාත් පාර්ලිමේන්තුව විසින් නව මහ ඇමති ලෙස තෝරා පත්කර ගන්නා ලදී.



Recommended Articles