පාකිස්තානයේ අධික වැසි හේතුවෙන් මරණ රැසක්


පාකිස්තානයට ඉරිදා සහ සඳුදා දිනවල බලපෑ අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

පාකිස්ථානය මෙසේ තුන්වැනි වටයේ මෝසම් වර්ෂාවෙන් පීඩාවට පත්ව ඇති අතර, රට පුරා ඇති පාලම් සහ නිවාස ජලයෙන් යටවී හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.

ඇතැම් පහත්බිම් සහිත ගම්මානවලින් පුද්ගලයන් රැසක් බේරාගෙන ඇති අතර, විපතට පත්වූවන් බේරාගැනීමට සහ ඔවුන්ට සහන සැලසීමට පාකිස්තාන රජය යුහුසුළු වෙයි.



Recommended Articles