පාකිස්තානයට උදව් කිරීමට UN ප්‍රධානියා මැදිහත් වෙයි


ඇමෙරිකානු ඩොලර් බිලියන 16කට වඩා වැඩි මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කරන විනාශකාරී ගංවතුරෙන් පසුව එරට නැවත ගොඩනැංවීමේ ප්‍රයත්නයට පකිස්ථානයට උපකාර කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ දැවැන්ත සහයෝගයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා සිටියේය.

දේශගුණික විපර්යාස මෙන්ම, එරට වෙත මූල්‍ය සහ ණය සහන ප්‍රතික්ෂේප වීම හමුවේ ඔවුන්ගේ ගැටලු දෙගුණු වී ඇති බව පැවසූ ගුටරෙස්, ඒ සඳහා නිර්මාණාත්මක විසඳුම්වල අවශ්‍යතාව අවධාරණය කළේය.

පසුගිය වසරේ ඇති වූ මාරාන්තික ගංවතුරෙන් පාකිස්තානයේ ජීවිත 1,739 ක් අහිමි වූ බව පාකිස්තාන බලධාරීහු පවසති.



Recommended Articles