පාකිස්තානයට IMF සහාය ගන්න සෞදියෙන් සහායක්


පාකිස්තානය වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා සෞදි අරාබිය විසින් ඇ.ඩො.බිලියන 2ක මුදලක් පාකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර තිබේ.

ආර්ථික අර්බුදයට ලක්ව සිටින පාකිස්තානය එම අර්බුදයෙන් ගොඩගැනීම සඳහා මෙම ණය මුදල ලබාගැනීම සඳහා පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සාකච්ඡා කරමින් සිටියි.

ඒ අනුව, පාකිස්තානය වෙත දක්වන සහායක් ලෙස සෞදි අරාබිය විසින් මෙම මුදල් ණය මුදලක් ලෙස නොව, පාකිස්තාන මහ බැංකුවේ විදේශ මුදල් සංචිතය ශක්තිමත් බව පෙන්වීමට හැකි වත්කමක් ලෙස ලබාදී තිබේ.



Recommended Articles