පාකිස්තානය පොදු ස්ථානවල මුඛ ආවරණ අනිවාර්යය කරයි


පාකිස්තානය පුරා ජනාකීර්ණ පොදු ස්ථානවල මුඛ මුහුණක් පැළඳීම දැන් අනිවාර්ය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එවැනි පොදු අවකාශ අතර මුස්ලිම් පල්ලි, කඩ සාප්පු, වෙළෙඳ සංකීර්ණ සහ පොදු ප්‍රවාහනය ඇතුළත් වේ.

ගෙවීගිය දිනයේ පාකිස්තානයෙන් නව කොවිඩ් ආසාදිතයන් 3,039ක් වාර්තා වී ඇති ඇති බවද සඳහන් වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (01දා) උදෑසන වනවිට එරට සමස්ත ආසාදිත අගය දැක්වුණේ 69,496ක් ලෙසිනි. එමෙන්ම මරණ 1,483ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර වෛරසය ආසාදනය වූවන්ගෙන් 25,271ක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles