පාකිස්තාන හිටපු අගමැති ෂෙරීෆ්ට සිර දඬුවම්


ලන්ඩනයේ අති සුඛෝපභෝගී නිවාස 4ක් මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ්ට වසර 10ක සිර දඬුවමක් නියම වෙයි.

ජාතික ගිණුම් කටයුතු කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ෂණයකට අනුව අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව හිටපු අගමැතිවරයාට මෙම දඬුවම නියම වී තිබේ.

එහිදී, නවාස් ෂෙරීෆ්ගේ දියණියට මෙන්ම, බෑණනුවන්ටද චෝදනා ගොනුවෙමින් ඔවුන්ටද දඬුවම් නියම වී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ලන්ඩනයේ රැඳී සිටින හිටපු අගමැතිවරයා පවසන්නේ මෙය දේශපාලන හස්තයකින් ක්‍රියාත්මක වන චෝදනාවක් බවත්, තමන් හැකි ඉක්මණින් පාකිස්තානය වෙත පැමිණෙන බවත් පවසා ඇත.

මම අනිවාර්යයෙන්ම නැවත යනවා. මම හිරේ ඉඳන් හරි මගේ යුක්තිය වෙනුවෙන් සටන් කරනවා යැයි ඔහු මාධ්‍ය අමතමින් පවසා ඇත.

කෙසේ වෙතත්, තමන් නැවත පාකිස්තානයට යන දිනයක් සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයා සඳහන් කර නොමැති අතර, තමන් මෙම අධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවද පවසා තිබේ.

තම සැබෑ අදායමට ඔබ්බෙන් වූ දැවැන්ත වටිනාකමකින් යුතු දේපොළ අගමැතිවරයා සතු බව පවසමින් විනිසුරු මොහොමඩ් බෂීර්ට වසර 10ක සිර දඬුවම් නවාස් ෂෙරීෆ් විසින් පනවා ඇති අතර, ඔහුගේ දියණියට වසර 8ක සිර දඬුවමක්ද, බෑණාට වසරක සිර දඬුවමක්ද පනවා තිබේ.



Recommended Articles