පාකිස්තාන හමුදාවට අභියෝග කළ මන්සූර් අත්අඩංගුවට


පාකිස්තානයේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් විරෝධතා මෙහෙයවූ පුද්ගලයා සාපරාධී කුමන්ත්‍රණ සහ දේශද්‍රෝහී චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

මන්සූර් පාෂ්ටීන් ඔහුගේ පෂ්තුන් ආරක්ෂණ ව්‍යාපාරයේ තවත් 9 දෙනෙකු සමග පෙෂාවර්හිදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මන්සූර් විසින් පාකිස්තානය අවට නගරවල මහජන රැලි සඳහා දහස් ගණන් ජනතාව එක්රැස් කිරීමට කටයුතු කර තිබුණේද ඔහුය.

සෙසු විරෝධතා නායකයෙකු කියා සිටියේ හුදෙක් මානව හිමිකම් චෝදනා නැගූ බැවින් ඔහු මෙසේ අත්අඩංගුවට පත්වූ බවයි.



Recommended Articles