පාකිස්තානයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ ජනයා බහුලව ජීවත්වන රාවල්පිණ්ඩි ප්‍රදේශය ආශ්‍රිතව වීම නිසා මියගිය පිරිස අතර සාමාන්‍ය වැසියන් 10 දෙනෙකුද සිටියි.
මෙම අනතුරින් යානයේ ගමන්ගත් නියමුවන් ඇතුළු හමුදා සාමාජිකයන් 5 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුරත් සමග විශාල ගිනි ජාලාවක් යානය කඩා වැටුණු නිවාස ආශ්‍රිතව ඇතිවී තිබෙන අතර, එය නිවා දැමීමට දැඩි වෙහෙසක් ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට සිදුව තිබේ.
කෙසේ වෙතත්, යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව පාකිස්තාන මාධ්‍ය පවසයි.