පාකිස්තාන සමාජ මාධ්‍ය තරුව මැරූ සහෝදරයාට සිර දඬුවමක්


පාකිස්තාන සමාජ මාධ්‍ය තාරකාවක් වන ඝාතනයට ලක්වූ ඛන්ඩීල් බලෝෂ්ගේ සහෝදරයා ඇයගේ මරණයෙන් වසර තුනකට පසුව බන්ධනාගාරගත කර තිබේ.

2016 ජූලි මාසයේදී වසීම් විසින් සිය නැගෙනිය ඝාතනය කර තිබුණේ, ඇය සිය පවුලට ලැජ්ජාවක් ගෙනදුන් තැනැත්තියක බව පවසමිනි.

මෙසේ පවුලේ ගෞරවය වෙනුවෙන් සිදුකරන ඝාතනයන් සම්බන්ධයෙන් පාකිස්තාන ආගමික උසාවිවල නීතිය ඝාතකයාට හිමිවුවද, එරට අධිකරණ පද්ධතිය ඔහු ඇතුළු තවත් පුද්ගලයන් 6 දෙනෙකුට දඬුවම් පමුණුවා තිබේ.

කෙසේ වෙතත්, මෙම නඩුවේදී බාලෝෂ්ගේ සහෝදරයාට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින අතර, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට විසඳුමක් අපේක්ෂා කරන බව ඔහුගේ නීතීඥයා පවසා ඇත.



Recommended Articles