පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කිරීමේ සැලසුමක් එරට ආරක්ෂක අංශ වාර්තා කළ බව පාකිස්තාන තොරතුරු ඇමැති ෆවාඩ් චෞද්රි පවසයි.
"මේ වාර්තාවලින් පසුව, රජයේ තීරණයට අනුව අගමැතිගේ ආරක්ෂාව තර කර තිබෙනවා" චෞද්රි උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඛාන් බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඛාන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ගොඩනගා ඇති බවට අගමැතිගේ සමීපතමයෙකු වන පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ නායක ෆයිසාල් වව්ඩා විසින්ද මෙම සතිය මුල එවැනිම ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඒ අනුව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත විශ්වාසභංගය සමග අගමැතිවරයාගේ ජීවිතයට තර්ජනයක් ඇති බවත් ඝාතනයක් ගැන සඳහන් වී ඇති බවත් පක්ෂ නායකයා යළිත් සඳහන් කර තිබුණි.
තමා නම ප්‍රසිද්ධියේ නොකියන එක්තරා විදේශීය රාජ්‍යයක්, තමා ඉවත් විය යුතු බවත්, එසේ නොමැතිනම් පකිස්ථානය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් අවධාරනය කරමින් පණිවිඩයක් එවා ඇති බව ඛාන් ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ හෙළිදරව්ව එරට පාලක පක්ෂය විසින් ඉස්මතු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිටත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය අහිමිවී ඇති අතර, රට තුළ උද්ධමනය ඉහළ යමින් රට අයාලේ යන බව පවසමින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක්ද කරළියට පැමිණ ඇත. කෙසේ වෙතත් තවමත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවී ඛාන් දිගින් දිගටම බලය රැකගැනීම සඳහා කටයුතු කරන පසුබිමක මෙම සියලු දේ සිදුවෙමින් පවතී.