පාකිස්තාන ජනපති හා බිරිඳ එන්නත් ලබාගනී


පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි සහ ඔහුගේ බිරිඳ සමිනා අල්වි සඳුදා ඉස්ලාමාබාද්හිදී කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන තිබේ.

පාකිස්තාන ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ජනාධිපතිවරයා සහ ආර්යාව ලබාගත් බවයි.

පාකිස්තානයද මේ වනවිට එරට එන්නත්කරණ වැඩසටහන අරඹා ඇති අතර, වසංගතය පිටුදැකීම සඳහා එන්නත්කරණය වඩාත් ඉවහල්වන බව ජනාධිපතිවරයා පවසා ඇත.



Recommended Articles