පාකිස්තාන ගංවතුර නිසා පුද්ගලයන් 176ක් මරුට


පකිස්ථානයේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ගංවතුර හේතුවෙන් විශාල ජීවිත හානි සිදුව ඇති බව දැනගැනීමෙන් තමා කම්පනයට පත් වූ බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

විපතට පත් වූවන්ට බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, වියෝ වූ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට අවංක සංවේගය පළ කරන බව චීන විදේශ අමාත්‍යවරයා, පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ වෙත පවසා තිබේ.

ජූනි 14 සිට පකිස්ථානය පුරා වර්ෂාව ආශ්‍රිත සිදුවීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 176දෙනෙකු මියගොස් 175දෙනෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා සහ කළමනාකරණ අධිකාරිය සිකුරාදා ප්‍රකාශ කළේ ගංවතුර හේතුවෙන් නිවාස 577ක් විනාශ වී, තවත් නිවාස 894ක් කඩා වැටී ඇති බවයි.



Recommended Articles