පාකිස්තාන කොවිඩ් ආසාදිත වූවන් මිලියන 1.2ක් වේවිලු


පාකිස්තානයේ ආසාදන සංඛ්‍යාව ජුනි මාසය අවසන් වනවිට දෙගුණයක් විය හැකි අතර, තවත් මාසයකට පසුව ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකට වඩා වැඩි විය හැකි බව පාකිස්තාන සැලසුම් අමාත්‍ය අසාද් උමාර් අනතුරු අඟවයි.

ඉස්ලාමාබාද්හි මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව ලබන මාසය අවසන් වනවිට මිලියන 1.2ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට පාකිස්තානයෙන් ආසාදිතයන් 140,000කට ආසන්න ප්‍රමාණයක් සහ මරණ 2,632ක් වාර්තා වෙයි.



Recommended Articles