වසංගතය ගෝලීයව පැතිර යන බැවින් නවසීලන්තය නව කිරීටක වෛරසයේ නව ආසාදිත පොකුරු ඉස්මතු වීම් සඳහා සූදානම් විය යුතු බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් කියා සිටියි.
එසේම ප්‍රජා සම්ප්‍රේෂණයන් සොයාගතහොත් එය තුරන් කිරීමේ උපාය මාර්ග කිසිසේත්ම අත් නොහරින බවද අගමැතිනිය අවධාරණය කළාය.
ආඩර්න් වැඩිදුරටත් පැවසුවේ වසංගතය දැන් නවසීලන්තයෙන් පිටත ඉතා ප්‍රබල ලෙස පැතිර යන බවත්, කොවිඩ්-19 ට එරෙහි සටනේදී ආදර්ශයක් වූ රටවල් මේ වනවිට තවත් ප්‍රජා සම්ප්‍රේෂණයන්ට මුහුණ දී ඇති බවත්ය.
නවසීලන්තයෙන් වාර්තා වූ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,200කට අඩු වන අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 22කි.