ප්‍රකට විලාසිතා නිර්මාණකරු කෙන්සෝ කොවිඩ්වලට බිලි


ප්‍රංශයේ ජීවත් වන ජපන් ජාතික ජාත්‍යන්තර විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ කෙන්සෝ ටකාඩා කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබේ.

නව කොරෝනා වෛරසය ආශ්‍රිත සංකූලතා හේතුවෙන් කෙන්සෝ ටකාඩා සිය ජීවිතයට සමුදුන් බව K-3 සන්නාමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

K-3 සන්නාමය, එහි කීර්තිමත් අධ්‍යක්ෂ කෙන්සෝ ටකාඩාගේ වියෝව නිවේදනය කිරීම අතිශයින් කණගාටුවට කරුණක් ලෙස දක්වා තිබුණි.

ලෝක ප්‍රකට නිර්මාණකරු 2020 ඔක්තෝබර් 4 වැනි දින අභාවප්‍රාප්ත වන විට ඔහු 81 හැවිරිදි වියේ පසුවූ බව කියැවෙයි.



Recommended Articles