ප්‍රංශයේදී නේටෝ විරෝධයක්


ප්‍රංශයේ නේටෝ සාමාජිකත්වය සහ එය තවදුරට යුක්රේනයට ආධාර සැපයීමට විරෝධය දක්වමින් පැරිස් අගනුවර සහ තවත් ස්ථාන කිහිපයක දැවැන්ත විරෝධතා පවත්වා තිබේ.

අන්ත දක්ෂිණාංශික ලෙස් පේට්‍රිඕට්ස් පක්ෂය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, එම පක්ෂයේ නායක ෆ්ලෝරියන් ෆිලිපොට්ද පැරිස් රැළියට සහභාගී වී ඇත.

එම විරුද්ධ දේශපාලඥයන් විසින් මෙම රැළිය හඳුන්වා ඇත්තේ සාමය වෙනුවෙන් වූ ජාතික පා ගමනක් ලෙසිනි.

එහිදී, ප්‍රංශ අගනුවර පැවති රැලියට 10,000ක පමණ පිරිසක් සහභාගි වී ඇති අතර, ප්‍රංශයේ තවත් ස්ථාන 30ක පමණ මෙවැනිම රැළි සංවිධානය වී ඇත.



Recommended Articles