ප්‍රංශයේ විශ්‍රාම වැටුප සංශෝධනය විරෝධතා මැද සෙනට් මණ්ඩලයට


ප්‍රංශයේ විශ්‍රාම වැටුප් වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් එරට රජය ඉදිරිපත් කර ඇති කෙටුම්පත අනුමත කිරීමට එරට සෙනෙට් මණ්ඩලය තීරණය කර තිබේ.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 195දෙනාගෙන් 112කගේ බහුතර කැමැත්ත ඊට හිමිව තිබේ.

කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපති මැක්රෝන් විසින් ඉදිරිපත් කර තිබූ මෙම කෙටුම්පතට එරෙහිව පසුගියදා එරට මිලියන 1.28කට අධික ජනතාවක් පැරිස් නුවරදී විරෝධතාවකට එක්වූහ.

නමුත්, විරෝධතා නොතකා මෙම කෙටුම්පත නීතියක් බවට පත්වීමේ අවස්ථාව සෙන්ට් මණ්ඩල අනුමැතිය සමග ඉදිරියට පැමිණ තිබේ.



Recommended Articles