ප්‍රංශයේ විරෝධතා මැඬලීමට පොලීසියේ 40000ක් කැඳවයි


ප්‍රංශයේ නව යොවුන් වියේ තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවලට මුහුණ දීම සඳහා පොලිස් නිලධාරීන් 40,000ක් යොදවා තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් පවසා සිටියේ රට පුරා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙසේ අමතර නිලධාරීන් යෙදවීමක් සිදුකළ බවයි.

එමෙන්ම, මෙම සිදුවීමට අදාළ පැරීසියේ සහ ඒ අවට ප්‍රදේශවල පොලිස් භටයන් 5,000ක් පමණ යොදවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles