ප්‍රංශයේ මරණ 20,000ට ළඟයි බ්‍රිතාන්‍යයේ මරණ 15,000 පනී


ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 20,000 සීමාවට පැමිණ මේ වනවිට 19,349ක් ලෙස වාර්තා වන අතර, මහා බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 15,000ක් ඉක්මවමින්, 15,498ක් ලෙස වාර්තා වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිස ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 734,552කි. ලොව වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද එරටින් වාර්තා වන අතර එම අගය 38,835කි. එරට වෛරසය ආසාදිතව සුවය ලැබූ පිරිස 66,498ක් පමණක් වන අතර, මේ වනවිට ඇමෙරිකාව කොවිඩ්-19 පරීක්ෂණ 3,698,534ක් සිදුකර තිබේ.

දෙවනුවට වැඩිම ආසාදිත පිරිස ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එම අගය 194,416කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 20,639ක් වන අතර, සුවය ලැබූවන් 74,797කි.

තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉතාලියෙනි. එම අගය 175,925කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 23,227ක් වන අතර, සුවය ලැබූවන් 44,927කි.

සිව්වනුව වැඩිම ආසාදිතයන් ප්‍රංශයෙන් වාර්තා වන අතර, එය 152,978කි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 19,349ක් වන අතර, සුවය ලැබූවන් 36,587කි.

පස්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ජර්මනියෙනි. එරට ආසාදිත සංඛ්‍යාව 143,724ක් වන අතර, මරණ සංඛ්‍යාව 4,538කි. කෙසේ වෙතත් සාපේක්ෂව සුවය ලැබූවන් 85,400කි.

හයවනුව වැඩිම ආසාදිත පිරිස වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙනි. එම අගය 115,314ක් වන අතර, මරණ සංඛ්‍යාව 15,498කි. සුවය ලැබූවන් 414කි.



Recommended Articles