නිරිතදිග ප්‍රංශයේ පොළොව කැණීමක් සිදුකළ භූමියක තිබී ඩයිනෝසර් සත්වයෙකුගේ දැවැන්ත කලවා අස්ථියක් හමුවී තිබේ.
මීටර් දෙකක් දිග මෙම දැවැන්ත අස්ථිය ශාක ආහාරයට ගෙන ජීවත් වූ, දිගු බෙල්ලක් සහ වල්ගයක් සහිත සෝරොපොඩ් ඩයිනෝසරයෙකුගේ අස්ථියක් බව විද්‍යාඥයෝ පවසති.
අවසන් ජුරාසික් යුගයේ වඩාත් සුලභ සත්ව විශේෂයක් වූ සෝරොපොඩ් සත්වයන්, ලෝකයේ එදාමෙදා තුර ජීවත් වූ දැවැන්තම ගොඩබිම් ජීවියෙකු ලෙස සැලකෙයි.
මෙම අස්ථිය මෙතරම් ආරක්ෂා වී තිබීම දැක තමන් පුදුමයට පත්වූ බව පාෂාණධාතු විද්‍යාඥයෝ පවසති.