ප්‍රංශයේ දෛනික ආසාදන ලක්ෂ 5ක සීමාව ඉක්මවයි


ප්‍රංශයේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ දත්තවලට අනුව, ගෙවුණු දිනයේ අවසන් පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 501,635ක් වාර්තා වීමත් සමග, එරට දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අඟහරුවාදා නව වාර්තාවක් පිහිටුවා තිබේ.

එමෙන්ම, දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පෙර දින සිට 3,741ක් දක්වා 35කින් පහත වැටී ඇති නමුත්, තවත් මරණ 364ක් ලියාපදිංචි වී ඇති බව දත්ත පෙන්වා දෙයි.

අද වන විට, ප්‍රංශය තුළ කොවිඩ්-19 සම්බන්ධ සමස්ත මරණ සංඛ්‍යාව 129,489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles