ප්‍රංශයේ තෙවැනි විශාලම නගරයේ පාර්සල් බෝම්බයක් පුපුරා ගිහින්


ප්‍රංශයේ නැගෙනහිර නගරයක් වූ ලියොන් හි සැකකටයුතු පාර්සල් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ වික්ටර් හියුගෝ මාවතේ ගමන් කළ පිරිසක් වන අතර, තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු 8ක දැරියකද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම වීදිය ආසන්නයේ බේකරියක් ආසන්නයේ මෙම පාර්සල් බෝම්බය තැන්පත් කළ පාපැදිකරු සොයා මේ වනවිට ප්‍රංශ පොලීසිය මෙහෙයුම් අරඹා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එරට තෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන ලියොන් නගරයේ සිදුවූ මෙම පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැකකරන බවද කියයි.

ප්‍රශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරාය කියා සිටියේ, මෙම පිපිරීමත් සමග ජනතාව ගැවසෙන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට තමන් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි.

ප්‍රංශය මීට පෙර අවස්ථා කිහිපයකදීම අන්තවාදී ඉස්ලාමී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර කිහිපයකටම ගොදුරු වූ අතර, මේ නිසා එරට ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් මේ වනවිට යොමුකොට තිබේ.



Recommended Articles