ප්‍රංශයේ කොවිඩ් දැඩි සත්කාර රෝගීන් සංඛ්‍යාව පහත වැටේ


කොවිඩ්-19 හේතුවෙන් ප්‍රංශ රෝහල් දැඩි සත්කාර ඒකකවල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව දින 9කට පසු අද (28දා) ප්‍රථම වරට පහළ ගොස් ඇති අතර, මේ වනවිට සමස්ත සංඛ්‍යාව 2,259ක් දක්වා අඩු වී තිබේ.

ප්‍රංශ රජය පවසන පරිදි ජූලි 21දා සිට අගෝස්තු 19දා සිට දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

ප්‍රංශය පුරාම එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් වී ඇති අතර, අවන්හල්, බාර්, කෞතුකාගාර සහ ක්‍රීඩාංගනවලට ඇතුළුවීම සඳහා පුද්ගලයෙකුට එන්නත ලබාදී ඇති බවට සනාථ කරන සෞඛ්‍ය බලපත්‍රයක් හෝ නිල ලියකියවිලිද රජය විසින් හඳුන්වා දී ඇත.

මේ ආකාරයෙන් ප්‍රංශ ජාතිකයන්ගෙන් බහුතරයකට දැන් එන්නත ලබාදී වසංගතය පාලනය කරමින් තිබුණත්, අඛණ්ඩව හත්වැනි සති අන්තයේත් වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට එරෙහිව දහස් ගණන් විරෝධතා පැවැත්වූහ.



Recommended Articles