2021 දෙසැම්බරයේ ගිනිකොනදිග ප්‍රංශයෙන් සොයාගත් කොවිඩ්-19 හි නව ප්‍රභේදය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයද අවධානයෙන් පසුවන බව කියයි.
නොවැම්බර් මැද භාගයේදී කැමරූන් සිට ආපසු පැමිණි ගිනිකොනදිග ප්‍රංශයේ කුඩා නගරයක එන්නත් කරන ලද වැඩිහිටියෙකු මූලිකව පුද්ගලයින් 12 දෙනෙකු තුළ මෙම ප්‍රභේදය හඳුනාගෙන ඇත.
දැනට එහි ජාන අනුක්‍රමය අනුව B.1.640.2 (IHU ප්‍රභේදයේ) ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදයේ දත්ත අනුව, එහි වෛරස් විද්‍යාත්මක, වසංගත රෝග හෝ සායනික ලක්ෂණ අනුමාන කිරීමට ඉක්මන් වැඩි බව පර්යේෂකයෝ සඳහන් කළහ.
එසේම මෙම ප්‍රභේදය තවමත් වෙනත් රටවල හඳුනාගෙන හෝ WHO විසින් විමර්ශනය කෙරෙන ප්‍රභේදයක් ලෙස ලේබල් කර නොමැත.