ප්‍රංශයට පෙර අත්නොවිඳි ප්‍රබල භූකම්පන මාලාවක්


ප්‍රංශයේ බටහිර කලාපය ආශ්‍රිතව මින්පෙර අත්නොවිඳි භූ කම්පන මාලාවක් හටගෙන ඇති අතර, එය අඩසිය වසක කාලය තුළ කලාපය තුළ ඇති වූ ප්‍රබලතම භූ කම්පනය ලෙස සැලකේ.

ඒ අනුව, රිච්ටර් පරිමාණ 5.2 සිට 5.8ක් දක්වා වූ භූ කම්පන පෙළක් ඇතිවී තිබෙන අතර, මෙය ප්‍රදේශ කිහිපයකම හටගෙන තිබුණි.

මෙම දුර්ලභ භූ කම්පනය හේතුවෙන් නිවාස, පාසල් සහ පල්ලි කිහිපයකටම හානි සිදුව ඇති අතර, මෙය වර්ෂ 1972න් පසුව කලාපයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය ලෙස හඳුනාගෙන තිබේ.



Recommended Articles