ප්‍රංශයේ ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 3,000ක් දක්වා ඉහළ යාමත් සමග වැඩි පිරිසක් සමග කාර්යාලීය රාජකාරීන් කරන විට හා වැඩබිම්වල මුඛ ආවරණ පැලඳිය යුතු බවට යෝජනා කර තිබේ.
ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 3,310ක් වාර්තා කර ඇති අතර, එය අඛණ්ඩව සිව්වන දිනටත් ඉහළ අගයක් පෙන්නුම් කිරීමකි.
එසේම ප්‍රංශය තුළ විමර්ශනය කෙරෙන පොකුරු සංඛ්‍යාව 17 සිට 252 දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් වෙයි.
ප්‍රංශයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 14ක නිරෝධායනයක් පැනවීමට බ්‍රිතාන්‍යයද මේ වනවිට කටයුතු යොදා ඇති අතර, එළිමහනේ මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්ය වන අගනුවර කලාප තවදුරටත් පුළුල් කිරීමටද පැරිසියේ බලධාරීන් සූදානම් වෙයි.
මේ අතර, නව කොරෝනා වෛරසය ආශ්‍රිත ආසාදිතයන් වැඩිවීමත් සමග එලැඹෙන අගෝස්තු 22දා සිට ඩෙන්මාර්කයේ පොදු ප්‍රවාහනය සඳහා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වනු ඇතැයි අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසයි.
යුරෝපා කලාපයේ වසංගතය ඉක්මණින්ම පාලනය කළ රටක් ලෙස ඩෙන්මාර්කය සැලකුණු අතර, අගුලු දැමීමේ ලිහිල් සීමා ලිහිල් කළ පළමු වැනි යුරෝපා රට වූයේද ඩෙන්මාර්කයයි. නමුත් පසුගිය සතියේදී එරට ආසාදිතයන් යළිත් වර්ධනය වීමක් දැකගන්නට ලැබෙන බව අගමැතිවරයා සඳහන් කළේය.