ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ලබන සතිය වනවිට රට තුළ නව කොවිඩ්-19 ආසාදන 100,000කට වඩා වාර්තා විය හැකි බව ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් අනතුරු අඟවයි.
ප්‍රංශයේ වර්ධනය වෙමින් පවතින ආසාදිතයන් සංඛ්‍යාව ඔමික්‍රෝන් ප්‍රභේදයට සම්බන්ධ වී ඇති අතර, විද්‍යාඥයින් පවසන්නේ එය පෙර පැවති ප්‍රභේදවලට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් ඇති බවයි.
"එය සෑම දින දෙක තුනකට වරක් ආසාදිතයන් දෙගුණ කරනවා" සෞඛ්‍ය අමාත්‍යවරයා වාර්තාකරුවන්ට පැවසීය.
ජාතික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ධනාත්මක පරීක්ෂණවලින් 20%ක් ඔමික්‍රොන් ප්‍රභේදයේ වන බවයි. "දින දෙකකින්, අපි 35-40%ත් අතර සිටින අතර, නත්තලට පසුව, දින හතරක් හෝ පහක් තුළ, බොහෝ දුරට, එය (ඔමික්‍රෝන්) අපේ රටේ බහුතර ප්‍රභේදය වනු ඇති." සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නව දත්ත තිබියදීත්, රජයේ නිලධාරීන් පවසන්නේ තවත් අගුලු දැමීමක් හෝ ඇඳිරි නීතිය පැනවීමක් තවම සැලසුම් කර නොමැති බවයි.
කෙසේ වෙතත් ආපනශාලා, හෝටල්, සහ සංස්කෘතික ස්ථාන වෙත ඇතුළු වීමේදී පූර්ණ කොවිඩ්-19 එන්නත් ලබා තිබීමේ සෞඛ්‍ය බලපත්රයකක්, වෛරසයෙන් ප්‍රකෘතිමත් වීම හෝ සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් අනිවාර්යය වෙයි. එනමුදු රාත්‍රී සමාජ ශාලා දෙසැම්බර් මස මුලදී වසා දමනු ලැබුවේ සුපිරි පැතිරීමේ සිදුවීම් පිලිබඳ බිය පළ කරමිනි.
සෞඛ්‍ය අවසර පත්‍රය ජනවාරි මාසයේදී එන්නත් කිරීමේ අවසර පත්‍රයක් බවට පරිණාමය වනු ඇති අතර, තවමත් කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කර නොමැති අය නව සීමාවන්ට මුහුණදෙනු ඇත.