ප්‍රංශය දැන්ම යුක්රේනය වෙත යුද ගුවන් යානා ලබා නොදේවි


යුක්රේනය වෙත යුද ගුවන් යානා සැපයීමට තවමත් ඉක්මන් වැඩි බව ප්‍රංශය විශ්වාස කරන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පසුගිය සති අන්තයේදී යුක්රේන නායක ව්ලැදිමීර් සෙලෙන්ස්කි හමුවූ අවස්ථාවේදී සන්නද්ධ රථ යුක්රේනය වෙත ලබාදීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රොන් කටයුතු කර තිබේ.

යුක්රේනයට මේ වනවිට අවශ්‍ය වන්නේ යුද ටැංකි, සන්නද්ධ රථ හා කාලතුවක්කු වැනි ආම්පන්න බව ප්‍රංශයේ මතය වී ඇත.

කෙසේ වෙතත්, එරටට ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රංශය තවමත්  ඉක්මන් වී නොමැති බව කියයි.



Recommended Articles