පැරිස් ඇතුළු ප්‍රංශයේ ප්‍රධාන භූමි ප්‍රදේශය සඳුදා සිට පහළ මට්ටමේ අනතුරු ඇඟවීමේ හරිත කලාපයක් බවට පත්වනු ඇතැයි ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසීය.
මෙයින් අදහස් කරන්නේ ප්‍රංශ අගනුවර ඇති ආපනශාලා සහ අවන්හල් අර්ධ වශයෙන් නොව පූර්ණ ලෙස විවෘත කළ හැකි බවයි.
"වසංගතයට එරෙහි සටන අවසන් නැහැ. නමුත් වෛරසයට එරෙහි මෙම පළමු ජයග්‍රහණය ගැන මම සතුටු වෙනවා" ජනාධිපතිවරයා රූපවාහිනිය හරහා ජනතාව අමතමින් පැවසීය.
ප්‍රංශයේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 194,153ක් වාර්තා වන අතර, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 29,410කි. ආසාදිතයන්ගෙන් මේ දක්වා සුවය ලබා ඇති පිරිස 72,982ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.