යුක්රේනය විසින් පෙර දින ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය හේතුවෙන්, යුක්රේනයේ සිටින ප්‍රංශ ජාතිකයන් වහාම රට හැර යා යුතු බව යුරෝපීය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එමෙන්ම, නැවත දැනුම් දෙන තුරු යුක්රේනයට යාමෙන් වළකින ලෙසද අමාත්‍යාංශය උපදෙස් දී ඇත. මේ අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමග කළ ඇමතුමකින් පසුව එරට ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව නැවත වරක් අවධාරණය කර ඇත.
මේ අතර, තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගාන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග දුරකථන සංවාදයකදී කියා සිටියේ තුර්කි ජනාධිපති කාර්යාලයට අනුව යුක්රේනයේ සිදුවිය හැකි හමුදාමය ගැටුම් කිසිවෙකුට වාසිදායක නොවන බවයි.
එසේම ඉතා නුදුරු අනාගතයේදී පූටින්ගේ තුර්කි සංචාරය තමන් අපේක්ෂා කරන බවද එර්ඩෝගන් පවසා තිබේ.
මේ අතර, යුක්රේනය සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක ඇමතිට සහ හමුදා ප්‍රධානීන්ට යුරෝපා සංගමය සම්බාධක පැනවීමක් සිදුකර ඇති බවද විදේස් වාර්තා පවසයි.
එහිදී, රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ අනෙකුත් හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුරෝපා සංගමය මෙසේ සම්බාධක පැනවූයේ හමුදාමය ආක්‍රමණයට එරෙහි ක්‍රියාමාර්ගවල කොටසක් ලෙසිනි.