ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34ක් රුසියාවෙන් පිටුවහල් කිරීමක්


රුසියාව විසින් ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34 දෙනෙකුගේ රාජතාන්ත්‍රිකභාවය අහෝසි කර ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 41දෙනෙකු නෙරපා හැරීමට ප්‍රංශය ගත් ප්‍රකෝපකාරී සහ අසාධාරණ තීරණයට විරෝධය පළ කිරීම සඳහා රුසියාවේ ප්‍රංශ තානාපති පියරේ ලෙවි පෙරේදා කැඳවීමෙන් පසු මොස්කව් මෙම තීරණය ගෙන ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

ප්‍රංශයේ මෙම පියවර රුසියානු-ප්‍රංශ සබඳතා සහ ඵලදායී ද්විපාර්ශ්වික සහයෝගීතාවයට බරපතල ලෙස හානි කරනු ඇති බව අමාත්‍යාංශය පවසයි.

ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34දෙනාට සති දෙකක් ඇතුළත රුසියාවෙන් පිටවන ලෙස නියෝග කෙරෙනු ඇත.



Recommended Articles