ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඇල්ජීරියාවට පැමිණියේ හිටපු ප්‍රංශ යටත් විජිතය සමග සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් වන අතර, ඔවුන් මේ වසරේ එහි 60 වැනි නිදහස් සංවත්සරයද සනිටුහන් කරයි.
ඇල්ජීරියාවේ නිදහසෙන් පසු උපත ලැබූ ප්‍රථම ප්‍රංශ ජනාධිපතිවරයා වන මැක්රොන් උතුරු අප්‍රිකානු ජාතිය සමඟ සමහර විට දුෂ්කර සබඳතාවක් නැවත ගොඩනැගීමට සහ සංවර්ධනය කිරීමට පදනමක් දැමීමට බලාපොරොත්තු වන බව ඔහුගේ කාර්යාලය පවසයි.
අමාත්‍යවරුන් හත් දෙනෙකුද කැටුව, ඇල්ජියර්ස් අගනුවර ගුවන් තොටුපළ වෙත පැමිණි මැක්රොන්, එහිදී ජනාධිපති ටෙබොව්නේ විසින් පිළිගනු ලැබීය.
1962 දී ඇල්ජීරියාවේ නිදහසත් සමග වසර 130කට වැඩි ප්‍රංශ යටත් විජිත පාලනය අවසන් විය. රටේ නිදහස සඳහා වූ යුද්ධයේ දිවි පිදූවන්ගේ ස්මාරකයක් නැරඹීමටද රාජ්‍ය නායකයින් දෙදෙනා සැලසුම් කර තිබුණි.