ප්‍රංශ ජාතික මාධ්‍යවේදියෙකු ඩොන්බාස්හිදී ඝාතනය වේ


BFMTV ප්‍රවෘත්ති නාලිකාවේ සේවය කරන ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් යුක්රේන පාලනයේ පවතින ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේදී ඝාතනය වී තිබේ.

ඔහුගේ වාහනය නැගෙනහිර සෙවරොඩොනෙට්ස්ක් නගරයේදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර, මෙම ප්‍රදේශය යුක්රේනයේ කොටසක් ලෙස බටහිර රටවල්ද පිළිගනී.

ඝාතනයට ලක්වූ ෆ්‍රෙඩෙරික්ගේ මරණය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් තහවුරු කර ඇති අතර, එම මාධ්‍යවේදියා හමුදා ගැටුමේ යථාර්ථය පෙන්වීමට උත්සාහ කිරීමේදී මාරාන්තික ලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව ඔහු ට්විටර් සටහනක් තබමින් කියා සිටියේය.

ප්‍රංශ ජනාධිපතිවරයා ෆ්‍රෙඩෙරික්ගේ පවුලේ අයට, ඥාතීන්ට සහ සගයන්ට සිය ශෝකය ප්‍රකාශ කළ අතර, මෙහෙයුම් භුමියේ සිට වාර්තා කිරීමේ දුෂ්කර මෙහෙවර ඉටු කරන අයට ප්‍රංශයේ කොන්දේසි විරහිත සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය.

මාධ්‍යවේදියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ද අදහස් දක්වා ඇති අතර, සිද්ධියේ තත්ත්වය පිළිබඳව වහා විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.



Recommended Articles