ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 40ක ප්‍රංශ සබ්මැරීන් ඇණවුම අවලංගු කිරීමෙන් ඇති වූ බිඳ වැටීම් සමග ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සහයෝගීතා සන්ධානයකට සාකච්ඡා කර තිබේ.
නායකයන් දෙදෙනා අඟහරුවාදා දුරකථන සංවාදයක් පැවැත්වූ බවත්, ඇෆ්ගනිස්ථානයේ අර්බුදය වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත් මැක්‍රොන්ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සමග එක්ව ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබාදීමට සූදානම් වන මෙම ගිවිසුම හරහා ප්‍රංශය මෙන්ම, අග්නිදිග ආසියාවේ බලවතුන්ද දැඩි නොසතුටට පත්ව තිබේ.