ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පසුගිය මැතිවරණයේදී සිය පාලනයේ විශාල පසුබෑමකට ලක්වීමෙන් පසුව කැබිනට්ටුවේ සංශෝධනයක් සිදුකර තිබේ.
ජුනි 19 පැවති මැතිවරණයේදී මැක්රෝන්ට ඔහුගේ බහුතරය අහිමි වූ අතර, ඡන්ද ප්රතිඵලවලින් අදහස් වන්නේ ඔහුට දැන් නීති සම්පාදනය කිරීමට විරුද්ධ පක්ෂවල ඡන්ද මත විශ්වාසය තැබීමට සිදුවනු ඇති බවය.
ජූනි 12 සහ ජූනි 19 යන දෙදින ඡන්ද වට දෙකකින් පසු මහ මැතිවරණ ප්රතිඵලය, මැක්රෝන්ට විශාල අතුල් පහරක් විය.
කෙසේ වෙතත් සඳුදා ඔහු සභාග ආණ්ඩුවක් පත් නොකිරීමට තීරණය නොකළ අතර, ඒ වෙනුවට හදිසි කැබිනට් සංශෝධනයකට ගියේය.