ප්‍රංශ ආසාදිතයන් 10,000ක් තෙවැනි දිනටත් ඉක්මවා යයි


කොවිඩ්-19 හි වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉක්මණින් ව්‍යාප්ත වීම නිසා නව ආසාදන ඉහළ යෑමට තුඩුදුන් ප්‍රංශයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 12,500කට වඩා වැඩි සංඛ්‍යාවක් ගෙවුණු දිනයේ වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඉරිදා වාර්තා වූ නව ආසාදිතයන් 12,532ක අගයත් සමග සමස්ත ආසාදන මිලියන 5.87ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

අමාත්‍යාංශය විසින් සෙනසුරාදා ආසාදිතයන් 10,949ක් සහ සිකුරාදා දින 10,908ක් වාර්තා කර තිබේ.

ප්‍රංශයේ නව කොරෝනා වෛරසය සමග දැඩි සත්කාර ඒකකවල පුද්ගලයන් 891ක් ප්‍රතිකාර ලබන අතර, එය පෙර දිනට වඩා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රෝහල්වල මියගිය සංඛ්‍යාව 5කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 111,472ක් බවට පත්ව තිබේ.



Recommended Articles