පළමු අභ්‍යවකාශ ජනපදය අඟහරු මත නොවිය හැකිලු


පෘථිවියෙන් ඔබ්බට මිනිස් ජනාවාස ඇතිවීමේ හැකියාව ගවේෂණය කරන විද්‍යාඥයන්ට අනුව බොහෝ කලක සිට ඒ සඳහා තෝරාගත හැකි ග්‍රහලෝකය බවට පත්ව තිබුණේ අඟහරු ග්‍රහයාය.

නමුත් එය එකම අපේක්ෂකයා නොවන බව දැන් හෙළි වී තිබේ. ෆින්ලන්ත තාරකා භෞතික විද්‍යාඥ පෙකා ජන්හුනෙන් විසින් අඟහරු සහ බ්‍රහස්පති අතර ග්‍රහක තීරයේ ඇති සෙරෙස් නම් වාමන ග්‍රහලෝකයක් මීට සුදුසු ස්ථානයක් ලෙස යෝජනා කර ඇත.

සෙරෙස් පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා හා සමාන දුරකින් පිහිටා ඇති අතර, වායුගෝලයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නයිට්‍රජන් බහුලව ඇත.

කෘත්‍රිම ගුරුත්වාකර්ෂණය නිර්මාණය කිරීම සඳහා කක්ෂගත පදනමක් හැඩගස්වා ගත හැකි අතර, මොඩියුලර් ව්‍යුහයක් සමග අවශ්‍ය පරිදි පහසුවෙන් වර්ධනය වීමට හෝ හැකිලීමට අවස්ථාව දිය හැකිය. 

කෙසේ වෙතත්, ග‍්‍රහලෝක මතුපිටින් ද්‍රව්‍ය ඉහළට ගෙනඒම සඳහා අභ්‍යවකාශ සෝපාන භාවිත කළ හැකි නමුත් ඕනෑම ජනාවාසයකට තිරසාර වීමට පොස්පරස් වැනි ප්‍රධාන ඛනිජ ආනයනය කිරීමට අවශ්‍ය බව පෙකා වැඩිදුරටත් පවසා සිටියි.



Recommended Articles