පස්වැනි සතියටත් ගෝලීය කොවිඩ් ආසාදන ඉහළට


ලොවපුරා වාර්තා වූ නව කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පිට පිට පස්වැනි සතියටත් ඉහළ ගොස් ඇති අතර, එය බොහෝදුරට BA.4 සහ BA.5 යන වේගයෙන් පැතිරෙන ඔමික්‍රොන් උප ප්‍රභේදයන් විසින් මෙහෙයවනු ලබන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

එහි සතිපතා කොවිඩ්-19 සමාලෝචනයේදී, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පැවසුවේ පසුගිය සතියේ නව ආසාදන මිලියන 5.7ක් වාර්තා වූ අතර, එය 6%ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. මරණ 9,800 ක් සිදු වූ අතර එය දළ වශයෙන් පෙර සතියේ සංඛ්‍යාවට සමාන වේ.

මෙම සතිය මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියේ වසංගතය තවමත් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස පවතින බැවින්, මෑත කාලීන වැඩිවීම ගැන ඔහු කනස්සල්ලෙන් සිටින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ රටවල් ගණනාවක ලිහිල් කරන ලද කොවිඩ්-19 නිරීක්ෂණ සහ පරීක්ෂණ වැඩසටහන් මෙසේ වෛරසයේ නව ප්‍රභේද පැතිරීමට හේතු වී ඇති බවයි.

ඒ අනුව, මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ වාතාශ්‍රය ඇති ස්ථානවල ගැවසීම යන කරුණු සම්බන්ධයෙන් ජනතාව අවදි කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා රටවලට අනතුරු ඇඟවීම් සිදුකර ඇත.



Recommended Articles